මට හිතෙන හැටි…

“මා” පුදුමාකාරය.

“ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිශ්ඵපය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසු කරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්ය. “
(මා පසු වදන. )

“මා” කියවීමෙන් ලද ආස්වාදය සමග තවමත් මා සිටින්නේ “මා” සමඟය.

“ඔබතුමිය ශ්‍රී ලංකාවේ කොළඹ,ජයවර්ධනපුර රෝහලේ සේවය කළ කවිතා පරරාජසිංහම් නම් වෛද්‍යවරියද? පිළිතුරක් අපේක්ෂා කරමි.
නිර්මාල් විශ්වජිත් පරණගම.”
(“මා” පිටුව අංක 24)

ඔහු නැවත දුරකතනය ක්‍රියාත්මක කරද්දී එහි ඇය ගෙන් ලැබුණු කෙටි පණිවිඩයක් සඳහන්ව තිබුණේය.
“හදිසියේම මම යන්න තීරණය කළා. හේතුව මමවත් දන්නේ නැහැ. සමහර තීරණ වලට හේතු නැහැ. අපහසුවක් වූවා නම් කනගාටුයි. මම ඔබට ආදරෙයි….
මීට මා”

මහාචාර්ය කවිතා පරරාජසිංහම් , නිර්මාල්, රේවත, ඕඩ්‍රි සියලු දෙනා තවමත් සිටින්නේ මා සමඟයි. ඔවුන්ගෙන් ඈත් වන්නට හිතක් ඇත්තේම නැත. නමුත් තවත් පොතක් අතට ගත ගත යුතුය.
දිල්ෂි තත්සරණි ලියූ “බීර සුවඳැති හාදු” ලැබී තිබුණා. මේ ඇගේ පළමු කෘතිය. පසිදු මල්ලී, දිල්ෂිගේ පොත මගේ අතට ගෙනැත් දීලා දැන් මාස දෙක තුනක් විතර වෙනවා. කියවන්න අතට ගත්තේ දැන්.

– වසන්ති නානායක්කාර

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.