"මා" පුදුමාකාරය. "ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිශ්ඵපය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසු කරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු … Continue reading මට හිතෙන හැටි…
පුංචි කාලේ මං…5
පුංචි කාලේ මං...5 ටක... ටක...ටක...ටක.. ඈත ඉඳන් ඇහෙන ඒ සද්දේ මගේ කණට හරිම හුරුයි. ටක...ටක..ටක..ටක... පහුගිය දවසක ඒ සද්දේ ආයෙම මට ඇහුණා. වටපිට බැලුවා. ආයෙම සද්දේ ආවා. වටපිට බලද්දී මං දැක්කා මගේ පුංචි කාලේ දැකපු ,මට පුංචි කාලේ ඇහුණ ,මං පුංචි කාලේ විඳපු ටක ටක ටක කරත්ත ගොන්නක්. ගම්පහ ඉඳන් ගනේමුල්ල පාරේ එන අතර මඟදී … Continue reading පුංචි කාලේ මං…5
පුංචි කාලේ මං…4
පුංචි කාලේ මං... පිරිමි ගොඩේ මං මේ කතාව මට මතක නෑ. පොඩ්ඩක්වත් මතක නෑ. අම්මයි මගේ පළමු ගුරුතුමියි තමයි මේ කතාව මට මතක් කළේ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ නිතරම මේ කතාව මාත් එක්ක කිව්වා. අකුරක් නෑර මතක් කළා. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම එක්ක ඈඳුනු කළු සුදු පින්තූර ගණනාවක් අම්මා පරිස්සම් කරලා තියාගෙන ඒවා … Continue reading පුංචි කාලේ මං…4
පුංචි කාලේ මං…3
පුංචි කාලේ මං... අන්තම්මගේ රජබොජුන් අත්තම්මගේ ගම රජඇල. කන්තලේ ටවුමේ තියෙන අපේ ගෙදර ඉඳලා හැතැක්ම දෙකක් විතර ගියාම රජඇලට යන්න පුළුවන්. සමහර දවසට අපි රජඇල ගියේ පයින්. නැත්නම් තාත්තගේ යතුරු පැදියෙන් එහෙමත් නැත්නම් තාත්තගේ මයිනර් රථයෙන්. මං වැඩියෙන්ම ආසා වුණේ අත්තම්මා එක්ක පයින් යන්න. අත්තම්මා එක්ක පිටත් වෙනකොට අපේ ගෙදර ඉඳන් ගමනාන්තය තෙක් නැවතී නැවතී … Continue reading පුංචි කාලේ මං…3
පුංචි කාලේ මං… 2
පුංචි කාලේ මං... 2 පාද සලම් බඳින්නේ දෙමළ කෙල්ලෝ කියලයි මං දැනගෙන හිටියේ. මම ඉපදුනේ දෙමළ ගමක. කෝවිල් ගම අපේ ගම. ගමේ දෙමළ ළමයි හැමෝම පාද සලම් දමාගෙන හිටියා. අඩි තිය තිය යනකොට ඒවායින් මිහිරි ශබ්දයක් ආවා. චිලිං චිලිං ගාන ඒ සද්දෙට මං හරියට ආස වුණා. එක එක අය නා නා විධ පාද සලම් දමා … Continue reading පුංචි කාලේ මං… 2
පුංචි කාලේ මං……1
පුංචි කාලේ මං....1 ඒ දෙසැම්බරය ආසන්නයේ. නත්තලේ කටුක සීතල ටිකෙන් ටික පැතිරෙමින් තිබුණා. උදේ ලා ඉර එළියේ හෝන්දු මාන්දු ගතියක් ඇරෙන්න කිසිම සජීවී ගුණයක් පෙනෙන්නට තිබුණේ නැහැ. දහවල දැඩි උණුසුමෙන් පිරුණු අතර රාත්‍රිය ගැහෙන සීතල සමඟ ගතට තරමක පීඩාකාරී බවක් ගෙන දුන්නා. ඒ පීඩාකාරී බවෙන් නැගෙන උදා ආලෝකය මගේ ගතට ප්‍රාණයක් ලබා දීමට අසමත් වුණා. … Continue reading පුංචි කාලේ මං……1
හීනයක් සොයා – පළමු දිගහැරුම
හීනයක් සොයා... ( පළමු දිගහැරුම ) තද අළුපාට අඳුර මැදින් යන්තමින් මීදුම් පටල එහා මෙහා පාවුණා. හීනි හිරිකඩක් හෙමින් බේරා වැටුණා. පාර ලිස්සන සුළුයි. වාහන වලින් වෑස්සෙන විදුලි ආලෝකයෙන් පාරේ කළු පාට තාර දිළිසුණා. තවම වෙලාව පාන්දර හතරයි. අපේ ගමන ආරම්භ වුණා විතරයි. මගේ ගමන් සගයින් කිසිවෙක් නින්ද අහලකටවත් ගෙන්වාගෙන නැහැ. මමත් ඒ වගේමයි.අපිට තිබුණේ අලුත් බලාපොරොත්තු. ජීවිතයේ කිසි දිනෙක අත් නොවිඳි අපූරු අත්දැකීම් විඳගැනීමේ ආශාවන්. කෙනෙකුට කලාතුරකින් ලැබෙන පුදුමාකාර … Continue reading හීනයක් සොයා – පළමු දිගහැරුම