පුංචි කාලේ මං… 2

පුංචි කාලේ මං… 2

පාද සලම් බඳින්නේ දෙමළ කෙල්ලෝ කියලයි මං දැනගෙන හිටියේ. මම ඉපදුනේ දෙමළ ගමක. කෝවිල් ගම අපේ ගම. ගමේ දෙමළ ළමයි හැමෝම පාද සලම් දමාගෙන හිටියා. අඩි තිය තිය යනකොට ඒවායින් මිහිරි ශබ්දයක් ආවා. චිලිං චිලිං ගාන ඒ සද්දෙට මං හරියට ආස වුණා. එක එක අය නා නා විධ පාද සලම් දමා තිබුණා. හැබැයි කොයි සලඹෙත් තිබුණේ එකම මිහිරි හඩක්. වෛවර්ණ පාද සලම් දිහා මම වුවමනාවෙන් බැලුවා. ඒවා රිදී පාට, රන් පාට ආලෝකයෙන් බැබලුනා.

වර්ධරාජා, අපේ ගෙදරට අල්ලපු ගෙදර. එයාගේ දුව පාර්වතී. මගේ වයසෙමයි. අපි දෙන්නම නවය පන්තියේ. එයා ගියේ පෝටන්කාටුව දෙමළ විද්යාතලයට. මං ගියේ අග්රනබෝධි මහා විද්යාාලයට. අපි දෙන්නම එකම පාරේ එකට ඉස්කෝලේ ගියා. මගේ ඉස්කෝලෙට වඩා හැතැක්මක් පාර්වතීගේ ඉස්කෝලෙට දුරයි. මම ඉස්කෝලෙට හැරෙන තැන වෙනකල් පාර්වතීගේ කකුල් දිහා හොරෙන් හොරෙන් බලනවා. පාර්වතීගේ පාද සලම් හෙමින් හෙමින් නැළවෙනවා මට පෙනෙනවා.

‘‘ඔයා ටිකක් ඉස්සර වෙලා යං, පාරේ අයිනේ එකටම යනකොට දෙන්නටම අමාරුයි. අපි දෙන්නට දෙන්නා ඇඟේ හැපෙනවා.‘‘ මම හීන් බොරුවක් කියනවා. පාර්වතීගේ මූණ පුලුටු වෙනවා.

‘‘නෑ අයියෝ අපි දෙන්නම එකට යමු. මං ආසයි එකටම යන්න.‘‘ පාර්වතී කියයි.

‘‘හා…හා…යමු යමු…‘‘ මගේ හිතේ නොරොක් වීමක් ඇතිවෙයි. ඒ ඇගේ පාද සලම් රිසි සේ බලා ගැනීමට නොහැකිවීම නිසයි.

මං ඉස්කෝලෙට හැරෙනකොට පාර්වතී මාව පහු කරගෙන දිගටම යයි. ඇය ලතාවකට යන ගමන දිහා මම ටික වෙලාවක් බලා ඉඳියි. ඇගේ පාද සලම් කිංකිණි හැඬවෙයි. ඈතට ඈතට යනවිට එය හෙමි හෙමින් නෑසී යයි.

මම පාර්වතී එක්ක වැඩි කාලයක් ගත කරන්න ආසා කළා. ඒ සුදු රිදී වලින් හදපු පාද සලම් බඳින, රතුපාට මොට්ටු තියන, පිච්ච මල්වලින් කොණ්ඩේ සරසන, මරතොන්ඩි වලින් අත් කකුල් පාට කරන කකුලේ ඇඟිල්ලකට මිංජි අඳින කෙල්ලෙක් මට වඩා ලස්සනයි කියලා හිතුණ නිසා.

කකුලේ පළඳින මිංජිය ඇරෙන්න පාර්වතී අනිත් සියළුම දේවලින් සැරසිළා හිටියේ. ඒ නිසා මම එයත් එක්ක ඉන්න වැඩියෙන් කැමති වුණා. මම අකමැති වුණේ පාර්වතී අඳින දිළිසෙන දිග රැළි ගවුම්වලට විතරයි. මට හිතුණේ ඒවා අඳින එක හරිම කරදරයි කියලා. වදයක් කියලා. ඒ මම පිරිමි ළමයි අඳින කොට කලිසමයි ෂර්ට් එකයි අඳින්න පුරුදු වෙලා හිටි නිසා වෙන්නැති. ඒත් මං දන්නවා පාර්වතී වගේ ලස්සන වෙන්න නම් කොට කලිසම වෙනුවට රැලි ගවුමක් අඳින්නම වෙනවා.

මං නිතරම පාර්වතී එක්ක ඉන්නවට අම්මා කැමති නෑ. එයා නිතරම කිව්වේ ‘‘ඔයා කොයි වෙලේ බැලුවත් දෙමළ ගෙදරට දුවනවා. එහෙ නිතරම යන්න එපා. ඒගොල්ලෝ වෙනම අයනේ. ඔයා දෙමළ කෙල්ලෙක්ද? ‘‘අම්මා අහනවා.

‘‘ගිය ආත්මේ එහෙම වෙන්නැති, ‘‘මම කියනවා. එහෙම කිව්වම අම්මට තවත් තරහ යනවා.

අම්මා නිතරම පාර්වතීලගේ ගෙදර ඇසුර ගැන විරෝධය පලකරන නිසා පාද සලම් ආසාව ගැන අම්මට කියන්න මම බය වුණා. ඒ ගැන කියන්න වචන එන හැම මොහොතෙම ඒ සිතුවිල්ල විසිරිලා යනවා.

ඒත් පාද සලම් ගැන තිබුණු ආසාව දවසින් දවස මගේ හිතේ මෝරන්න වුණා.

මම හීනෙනුත් පාද සලම් බැඳුපු රෝස පාට හීන් කකුල් දැක්කා. ඒ කකුල් වලින් කිංකිණි හඩ නැංවුණා. ඒ මගේ කකුල් කියලා මට නිතරම පෙනෙන්න පටන් ගත්තා. මගේ චිත්රල පොත්වලත් වැඩිපුරම මිනිස් රූප ඇන්ඳේ පාද සලම් දාපු දෙමළ කෙල්ලෝ එක්ක ඉන්න සිංහල කෙල්ලන්ගේ පිංතූර.

පාද සලම් බඳින්න මෙච්චර ආසා ඇයි? මං දන්නෑ.

දවසක් අම්මාගේ නූල් පෙට්ටියේ තිබුණා කහපාට වූල් නූලක්. මම ඒකෙන් ලස්සන දම්වැලක් ගෙතුවා. හොරෙන්ම කකුළේ ගැට ගහලා කණ්ණාඩියෙන් ලස්සන බැලුවා. ඒක පාර්වතීගේ පාද සලම් අහලකින් තියන්න බෑ. ඒත් මට පාද සලම් නැති එකේ නූලකින්වත් එකක් හදා ගන්න පුළුවන් වුණානේ කියලා හිත හදා ගත්තා. ඊට පස්සේ රෑට රෑට මම ඒ නූල් සළඹ බැඳගෙන හැඩ බැලුවා.

එක දවසක් මම ඒ නූල කකුළේ ගැටගහගෙන හැඩ බලනකොට මගේ කාමරේට කවුරු හරි එබිලා ගියා කියලා මට දැනුනා. එදයින් පස්සේ මම කකුළේ නූල ගැටගහන වැඩේ අතඇරියා. පාර්වතීගේ කකුලේ බැඳන් ඉන්න පාද සලම් දිහා විතරක් ආසාවෙන් බැලුවා.

කාලය ගෙවෙන කොට පාද සලම් මට හීනයක් විතරක්ම වුණා. හීනෙනුත් මම පාද සලම් ගැන කියෙව්වා කියලා අම්මා දවසක් කිව්වා.

තාත්තා විදෙස් ශිෂ්යමත්වයකට තායිලන්තෙට ගියා. පාඩම් වැඩවලට කොටු වුණු මගේ ජීවිතේ තාත්තා නැතිව හිස් බවකින් ගෙවී ගියා. හුදෙකලාව මට තදින්ම දැනුනා.

මාස හයක සංචාරයකින් පස්සේ තාත්තා ලංකාවට එද්දී මම හිටියේ හොඳටම රෝගාතුරව. අසනීපේ මොකද්ද කියලා අම්මා මට කිව්වේ නෑ. ඒත් මම හිටියේ හෝන්දු මාන්දු ගතියකින්, අලසකමකින්, කිසිම දේකට පය නැති බවකින්. මට මං ගැනම මහා සෝමාරිකමක් දැනුනා. අම්මා දෙවතාවක්ම මාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා බේත් අරගත්තා. බේත් ටික හරි වෙලාවට බොන්න පෝෂදායි දේවල් කවන්න පොවන්න අම්මා මහන්සි වුණා. අම්මා නිතරම කිව්වේ තාත්තත් නැති අල්ල පනල්ලේ මගේ පුතත් අසනීප වුණානෙ කියලා.

ඇඳේම දින ගණනාවක් ගෙවපු මට නැගිටලා ඇවිදින්න තරම්වත් ඒ හැටි වාරුවක් තිබුණේ නෑ. තාත්තා ආ ගමන්ම ඇහුවේ කෝ මගේ පොඩි දුව කියලා. ඇඳේ වැතිරිලා ඉන්න මට සාලේ කතා බහ යන්තමින් ඇහුණා.

ඔයා නැති සාංකාවටද කොහෙදෝ කෙල්ල එක පාරටම අසනීප වුණේ. ඩොක්ටර් කීවෙත් පේන්න තරම් අසනීපයක් නෑ කියලා. විටමින් ටිකක් විතරයි ලියලා දුන්නේ. ඔයා එහේ ඉඳන් බයවෙයි කියලයි වැඩි විස්තරයක් ඔයාට නොලිව්වේ. අම්මා තාත්තාට කිව්වා.

මොකද පාද සලම් ගැන හිතනවද? තාත්තා මගේ ඔළුව පිරිමදිමින් ඇහුවා. මම ගැස්සුණා. ඇත්තටම මම ඊට ටික වෙලාවකට කළින් පාර්වතීගේ පාද සලම් හීනෙන් දැක්කා.

‘‘ආ මෙන්න ඔයාට ගෙනාව තෑග්ග.‘‘ තාත්තා අතේ තිබුණු ලොකු පාර්සලයක් මට දුන්නා.

‘‘මොනවද?‘‘ මම ඇහුවා.

‘‘බලන්නකෝ කැමතිද කියලා.‘‘ තාත්තා එහෙම කියලා කාමරෙන් පිටවුණා.

මම හෙමි හෙමින් ඇඳේ හාන්සි වෙලා පාර්සලය ලිහන්න පටන් ගත්තා. ඒක තරමක ලොකු පෙට්ටියක්. පෙට්ටිය ඇතුළේ තවත් පුංචි පුංචි පෙට්ටි ගොඩක්. මම එකින් එක විවෘත කරලා බැලුවා. ලස්සන දිළිසෙන දිග රැළි ගවුමක්. පාට පාට මොට්ටු පැකට් ගොඩක්. වෛවර්ණ පාද සලම් ගොන්නක්, මිංජි කීපයක් ඒ පෙට්ටි අතරේ තිබුණා. මම පෙට්ටිය ඇඟට තුරුළු කර ගත්තා.

මම හෙට පාර්වතී වෙනවා. ස්තුතියි තාත්තේ ඔයා මාව තේරුම් ගත්තට. ඔයා විතරයි මාව තේරුම් ගත්තු එකම කෙනා. මං ඔයාට ගොඩාක් ආදරෙයි.!!!

වසන්ති නානායක්කාර

2017/11/27

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.